Original Article published in Sinhala newspaper අනිද්දා of October 17, 2021
මානවශාස්ත්ර ක්ෂේත්රයට සම්බන්ධ පිරිසකගේ සහභාගීත්වයෙන් මෑතකදී පැවැත්වීමට යෙදුණු වෙබිනාවකදී මානවශාස්ත්ර ක්ෂේත්රයට සම්බන්ධ සිසු සිසුවියන් ‘late developers’ යනුවෙන් හැඳින්විණි. ඒ සඳහා සිංහලෙන් භාවිතා වන පදය ‘ප්රමාදී වර්ධිතයා’ යන්නයි. එය තවත් සරළ භාෂාවට පෙරළන්නේ නම් ‘වර්ධනය ප්‍රමාද වූ තැනැත්තා’ යන අර්ථය ලැබේ. මෙම ප්රමාදී වර්ධනය සම්බන්ධ ගැටළුවට විසඳුම ලෙස ඉදිරිපත් කෙරුණේ එම සිසු සිසුවියන්ට යම් ප්‍රමාණයකට මෘදු කුසලතා ලබා දීමයි. එම වෙබිනාවේදී පැවසුණු තවත් ප්‍රධාන අදහසක් වූයේ ප්‍රායෝගික භාවිතයකින් තොර න්‍යායික දැනුම (theory) නිරර්ථක දැනුමක් යන්නයි. එම ප්‍රකාශයේ යටි හැඟවුම වූයේ මානවශාස්ත්ර, හා එමෙන්ම ඒ හා සම්බන්ධ විෂය පථයක් වන සමාජ විද්‍යා, මූලික වශයෙන් ප්‍රායෝගිකත්වයෙන් තොර න්‍යායික දැනුම් ගොඩක් පමණක් යන්න ය.
න්‍යායික දැනුම සහ ප්‍රායෝගික භාවිතය
න්‍යායික දැනුම සහ ප්‍රායෝගික භාවිතය අතර ඇති වෙනස මෙන්ම සබඳතාවය මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා ක්ෂේත්රයන් තුළ සිටින අපගේ අවධානය යොමු කෙරෙමින් පවතින කාරණයකි. නව විෂයමාලා අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන විට ඒ සම්බන්ධයෙන් භාවිතා කෙරෙන පත්රිකාවන්හි අදාළ පාඨමාලාවන්හි න්‍යායික කොටස සහ ප්‍රායෝගික භාවිතය සම්බන්ධ කොටස බෙදා වෙන්කෙරෙන ආකාරය පැහැදිළිව දැක්වීම අනිවාර්ය කොට ඇත. පාඨමාලාවට අදාළ පැය ගණන එම කොටස් දෙක අතර බෙදීයන ආකාරය පැහැදිළිව සඳහන් කිරීම අනිවාර්කොට ඇත.
මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා ක්ෂේත්රයන් තුළ න්‍යායික දැනුම සහ ප්‍රායෝගික භාවිතය අතර ඇති වෙනස මෙන්ම සබඳතාවය පිළිබඳ කාරණය සාකච්ඡා කිරීම වැදගත් වේ. එම ක්ෂේත්රයන් වෙත බලෙන් පටවා ඇති න්‍යායික දැනුම සහ ප්‍රායෝගික භාවිතය සම්බන්ධ වෙනස දෘඩ විද්‍යාවන් යනුවෙන් හැඳින්වෙන ක්ෂේත්රයන්ට අදාළව එම ක්ෂේත්රයන් තුළින් හටගෙන එම ක්ෂේත්රයන් තුළ සාර්ථක ආකාරයෙන් භාවිතා වන වෙනස්කමකි. එම ක්ෂේත්රයන්හි පන්තිකාමරය තුළ ඉගෙනගනු ලබන න්‍යායික දැනුම විද්‍යාගාරයකදී හෝ තාක්ෂණික වැඩපොළකදී ප්‍රායෝගික ලෙස පරීක්ෂණයට හෝ භාවිතයට ලක්කරනු ලැබේ. පාසල් විෂයමාලාව තුළ වුවද ආම්ලිකතාව සහ භාෂ්මිකතාව පිළිබඳ පන්තිකාමරය තුළදී ඉගෙනගනු ලබන න්‍යායික දැනුම විද්‍යාගාරය වෙත ගෙනගොස් ලිට්මස් පත්‍ර සහ විවිධ ආකාරයේ ද්‍රාවණ භාවිතයෙන් පරීක්ෂණයට ලක්කෙරේ. එමෙන්ම උත්තල කාච සහ අවතල කාච පිළිබඳ පන්තිකාමරය තුළදී උකහාගනු ලබන න්‍යායික දැනුම විද්‍යාගාරය තුළදී ආලෝක කදම්භයක් එම කාච හරහා යවා ඒ සම්බන්ධයෙන් කෙරෙන නිරීක්ෂණ හරහා ප්‍රායෝගික ලෙස පරීක්ෂාවට ලක්කෙරේ. එවන් විෂය පථයක් තුළ න්‍යායික දැනුම සහ ප්‍රායෝගික භාවිතය අතර පැහැදිළි වෙනස්කමක් පවතී.
මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා ක්ෂේත්රයන්හි සුවිශේෂී ලක්ෂණ
විමසා බැලිය යුත්තේ මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා ක්ෂේත්රයන් තුළදීද න්‍යායික දැනුම සහ ප්‍රායෝගික භාවිතය අතර ඇති වෙනස ඒ ලෙසින්ම අවබෝධ කරගත හැකිද යන්නයි. උදාහරණයක් ලෙස විචාර න්‍යාය (critical theory) සලකා බලමු. සරල භාෂාවෙන් කිවහොත් විචාර න්‍යාය යටතේ සාකච්ඡා කෙරෙනුයේ යමක් විචාරය කළ හැකි, විවේචනය කළ හැකි විවිධාකාරයේ න්‍යායාත්මක ප්රවේශයන් ය. මේ සඳහා උදාහරණයක් ලෙස විචාර න්‍යාය තෝරා ගැනීමට හේතු දෙකක් පදනම් විය. ඉන් පළමුවැන්න නම් මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා ක්ෂේත්රයන්ට අයත් විෂය ක්ෂේත්රයන් බහුතරයකට පොදුවේ විචාර න්‍යාය අදාළ වීමයි. දෙවැනි හේතුව නම් මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා ක්ෂේත්රයෙන්ට පරිබාහිරව පමණක් නොව එම ක්ෂේත්රයන් තුළදීම පවා විචාර න්‍යාය හෙලාදකිනු ලැබීමේ සැලකියයුතු ප්‍රවණතාවයක් ඉස්මතු වී තිබීමයි. එම හෙලාදැකීමට මූලික වශයෙන් පදනම්ව ඇත්තේ විචාර න්‍යාය යනු හුදු සෘණාත්මක වූත්, පසුගාමී වූත්, ප්‍රශ්න ඇතිකරන්නන් බිහිකිරීමට මූලික වන්නා වූත් ක්‍රමවේදයක් ලෙස ඇතැමුන් අතර පවතින අදහසයි.
න්‍යායික දැනුම සහ ප්‍රායෝගික භාවිතය අතර ඇති වෙනස්කොට දැක්වීම විචාර න්‍යාය පිළිබඳ පාඨමාලාවන්ට හෝ විචාර න්‍යාය වෙතින් ආභාෂය ලද විෂය පාදක පාඨමාලාවන්ට අදාළව සලකා බලන්නේ නම් සිදුවිය යුතුව ඇත්තේ දේශන ශාලාව තුළදී විචාර න්‍යාය උගන්වා එම න්‍යාය දේශන ශාලාවෙන් පරිබාහිර සන්දර්භයක් වෙත ගෙනගෙස් එම සන්දර්භයට ආදේශ කිරීම සඳහා සිසු සිසුවින් යොමු කිරීම ය. එය පහසුවෙන් කළ හැකි දෙයක් ලෙස බැලූබැල්මට හැඟී ගියද එය එතරම් සරල නැත. විද්‍යාඥයාගේ පර්යේෂණාගාරය විද්‍යාගාරය වන්නා සේම, නිෂ්පාදන ඉංජිනේරුවාගේ පර්යේෂණාගාරය කාර්මික වැඩපොල වන්නා සේම, වෛද්‍යවරයාගේ පර්යේෂණාගාරය වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විද්‍යාගාරය වන්නා සේම, මානවශාස්ත්රවේදියාගේ මෙන්ම සමාජ විද්‍යාඥයාගේ පර්යේෂණාගාරය පුළුල් සමාජයයි. මානවශාස්ත්රවේදියා මෙන්ම සමාජ විද්‍යාඥයා මෙහිකී අනෙකුත් පුද්ගලයන්ගෙන් වෙනස්වන්නේ ඇය හෝ ඔහු තමන් පන්තිකාමරය තුළ ඉගෙනගන්නා න්‍යායික දැනුම ප්‍රායෝගිකව අත්හදා බැලිය යුතු පර්යේෂණාගාරය වන සමාජයේම නොබිඳිය හැකි කොටසක් වන බැවිනි. සිය පර්යේෂණ සිදුකිරීමට විද්‍යාඥයා විද්‍යාගාරයට ඇතුළු වනවිට, නැතහොත් නිෂ්පාදන ඉංජිනේරුවා කාර්මික වැඩපොල වෙත ඇතුළු වනවිට ඇයට හෝ ඔහුට තමන් වෙත ආදේශ කරගත යුතු එම ස්ථානයට සුවිශේෂී වූ මනෝභාවයන් ගණයේ මනෝභාවයන් මානවශාස්ත්රවේදියා හෝ සමාජ විද්‍යාඥයා සම්බන්ධයෙන් අදාළ නොවන්නේ ඇය හෝ ඔහු සෑම විටම සිය පර්යේෂණාගාරය වන සමාජයේම කොටසක් වශයෙන් ඒ තුළම ජීවත් වන බැවිනි. සැබැවින්ම ගත් කල ඇය හෝ ඔහු විසින් න්‍යායික දැනුම හදාරනු ලබන පන්තිකාමරයම එම දැනුම ප්‍රායෝගික වශයෙන් බලපානු ලබන සමාජයේම කොටසක් වේ. ඇයගේ හෝ ඔහුගේ ජීවිතයම එම න්‍යායික දැනුම ප්‍රායෝගික ලෙස අදාළ වන සමාජමය පැවැත්මේ පිළිබිඹුවක් වේ. ඇයට හෝ ඔහුට එම න්‍යායන් තුළින් තමන්ගේ ජීවිතය, නැතහොත් පැවැත්ම, ප්‍රායෝගිකව යළි කියැවීමකට භාජනය කිරීමකින් තොරව අදාළ න්‍යායික දැනුම අවබෝධ කරගැනීමට පවා නොහැකි ය.
විචාර න්‍යාය නිවැරදි ආකාරයට ඉගෙනගනු ලබන තැනැත්තා එම න්‍යාය හරහා යම් අභ්‍යන්තර කම්පනයකට භාජනය වීම සිදු වේ. එවන් අභ්‍යන්තර කම්පනයකට භාජනය නොවී ඇයට හෝ ඔහුට එම න්‍යාය තවෙකෙකු හෝ තමන්ට පරිබාහිර වෙනත් සන්දර්භයක් වෙත ආදේශ කිරීමට හැකි මට්ටමට ලඟා වීම කළ නොහැකි දෙයකි. බොහෝ විට මෙම අභ්‍යන්තර කම්පනය පාඨමාලාව නිමවී සැලකියයුතු කාලයක් ගතවන තුරුත් සම්පූර්ණ නොවේ. ඇතැම් විට ඒ සඳහා වසර ගණනාවක් වුවද ගතවීමට ඉඩ ඇත. නමුත් අවධාරණය කළ යුතු කරුණ වන්නේ මෙම ක්‍රියාවලිය අදාළ න්‍යායන් සම්බන්ධයෙන් පන්තිකාමරය තුළ කෙරෙන ගනුදෙනුව සමගම ආරම්භ වන බවයි. ඒ අනුව කිව හැක්කේ න්‍යාය සම්බන්ධයෙන් සිදුවිය යුතු ප්‍රායෝගික භාවිතය න්‍යායික දැනුම අවබෝධ කරගන්නා අවස්ථාවේදීම ආරම්භ වන බවයි. එවන් වටපිටාවක් තුළ න්‍යායික දැනුම සහ ප්‍රායෝගික භාවිතය එකිනෙකින් වෙන්කොට හැඳින්වීම ඵල රහිත කටයුත්තකි.
විචාර න්‍යාය කුමකටද?
විචාර න්‍යාය ඉගෙනීමෙන් ඇති ඵලය කුමක්දැයි කෙනෙකුට ඇසිය හැක. එමෙන්ම විචාර න්‍යාය ඉගෙනීමට වඩා පිටත වැඩලෝකයට අදාළ කුසලතා ඉගෙනීමට කාලය සහ මහන්සිය වැය කිරීම වඩා ඵලදායක නොවේදැයි යමෙකුට ඇසිය හැක. මෙවන් ප්‍රශ්න නිරන්තරව ඇසෙමින් පවතී. ඒවා උපාධිය සඳහා යමෙකු විසින් ඉගෙනගනු ලබන න්‍යායික දැනුම සෘජු ලෙසම, නැතහොත් ඒ ආකාරයටම වැඩ ලෝකයට අදාළවන්නා වූ දැනුමක් විය යුතු ය යන ගැටළු සහගත උපකල්පනය මත පිහිටා ඇත. එමෙන්ම ඒවා කුසලතා යන සංකල්පය පිළිබඳ නොගැඹුරු අවබෝධයක් පෙන්නුම් කරයි. මෙම තත්ත්වය විචාර න්‍යාය යටතේ ගැනෙන මාක්ස්වාදය උදාහරණයක් ලෙස ගෙන සලකා බලමු. මාක්ස්වාදය අදට නොගැලපෙන න්‍යායක් නිසා එය ඉගෙනීමෙන් පලක් නැතැයි යමෙකුට තර්ක කළ හැක. මාක්ස්වාදය අදට නොගැලපෙන්නේද නැද්ද යන කරුණ පිළිබඳ උණුසුම් මතවාද පවතී; නමුත් එය අමතක කොට මාක්ස්වාදය අදට නොගැලපෙන්නේය යන ස්ථාවරයේ සිට කල්පනා කරන පසුබිමක් තුළ පවා මාක්ස්වාදය පිළිබඳ න්‍යායික දැනුම ඵල රහිත දැනුමක් යැයි කිසිවෙකුට තර්ක කළ නොහැක. ව්‍යවසායකත්වය වැනි සංකල්පයක් හා බැඳුණු න්‍යායික දැනුම වැඩ ලෝකයට අදාළ වන ආකාරයටම මාක්ස්වාදය පිළිබඳ න්‍යායික දැනුම වැඩ ලෝකයට අදාළ නොවීමට පුළුවන, එමෙන්ම මාක්ස්වාදය පදනම් කොටගත් සමාජයක් බිහිකිරීම අවම වශයෙන් බැලූබැල්මට හෝ ප්‍රායෝගික නොවන කටයුත්තක් ලෙස පෙනී යාමට පුළුවන, නමුත් මාක්ස්වාදය පිළිබඳ න්‍යායික දැනුමකින් වර්තමානයේ පවතින වැඩ ලෝකයට ලබාගත හැකි දෑ බොහෝ ය. උදාහරණයක් ලෙස මාක්ස්වාදය පිළිබඳ න්‍යායික දැනුම හරහා වර්ධනය වන්නාවූ සමාජ සංවේදීභාවය සහිත පුද්ගලයා විසින් තමන්ගේ හෝ තවෙකෙකුගේ වැඩ පරිසරය නොයෙකුත් ආකාරයේ වෙනස්කොට සැලකීම් සහ කොන්කිරීම් වලින් තොර වූත් මානව ගෞරවය සුරක්ෂිත කරන්නා වූත් පරිසරයක් බවට පත් කිරීමට උත්සාහ දරනු ලබයි. එමෙන්ම මාක්ස්වාදය පිළිබඳ න්‍යායික දැනුම හරහා යමෙකු තුළ නිරායාසයෙන් වර්ධනය වන්නා වූ රාමුවට පිටින් සිතීමේ හැකියාව මගින් වැඩ ලෝකය තුළ නිරන්තරව පැනනගින ගැටළු සඳහා නිර්මාණශීලී වූත් සංවේදී වූත් මානව හිතවාදී වූත් පිළියම් සෙවීම සඳහා ඇයව හෝ ඔහුව යොමු කරනු ලබයි. ඇයට හෝ ඔහුට ගැටළු විසඳීමේ ක්‍රම අමුතුවෙන් ඉගැන්වීමට අවශ්‍ය නැත. එවැනි පුද්ගලයෙකු හට බොහෝ විට ව්‍යවසායකත්වය පිළිබඳ න්‍යායික දැනුමකින් පමණක් සමන්විත පුද්ගලයෙකු හට කළ හැකි මැදිහත්වීමට වඩා ගුණාත්මයෙන් වැඩි මැදිහත්මක් කළ හැකි වන්නේ ය. වැඩ ලෝකය සම්බන්ධයෙන් මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා උපාධිධාරියාගේ සුවිශේෂී දායකත්වය පවතින්නේ ඒ හරහා ය.
ආත්ම විවේචනය
මෙහිදී මානවශාස්ත්ර ක්ෂේත්රයට අයත් ගුරුවරයෙකු වශයෙන් යම් ආත්ම විවේචනාත්මක සටහනක්, නැතහොක් පසු ලිවීමක්, එකතු කිරීමට ඇත. විචාර න්‍යාය පිළිබඳ කෙරෙන ඉගැන්වීම් කටයුතු සාම්ප්‍රදායික කරුණු කියාදීමේ ස්වරූපයෙන් සිදුවන්නේ නම් විචාර න්‍යාය පිළිබඳ අධ්‍යාපනයෙන් අපේක්ෂා කරනු ලබන අරමුණු ළඟා කරගැනීම ඉතාමත් අපහසු වන්නේ ය. අදාළ න්‍යායන් සම්බන්ධ දැනුම පොත්පත් සහ රචනා ස්වරූපයෙන් දැනටමත් පවතින බැවින් ඒවා පන්තිකාමරය තුළ ‘කියා දීම’ අවශ්‍ය නොවේ. මෙම ඉගැන්වුම් කටයුතු වලදී ගුරුවරයාගේ කාර්යභාරය වන්නේ අදාළ න්‍යාය සම්බන්ධ පතපොත කියවා අවබෝධ කරගැනීමට සිසු සිසුවියන් යොමු කිරීමත්, පන්තිකාමරය තුළ ඒ හා සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් ජනනය කොට එම සාකච්ඡාව නිවැරදි මාර්ගයේ පවත්වාගෙන යාමට අදාළ බුද්ධිමය පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කිරීමත් ය. ජනප්‍රිය භාෂාවෙන් කිවහොත් ගුරුවරයා අතින් සිදුවිය යුත්තේ වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම ‘ශිෂ්‍ය-පාදක’ වූ අධ්‍යයන පසුබිමක් නිර්මාණය කිරීමයි. එම පසුබිම පන්තිකාමරය තුළ පමණක් නොව ඉන් පිටතත් නිර්මාණය කිරීමේ භාරදූර වගකීම මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා ක්ෂේත්රයේ ගුරුවරුන්ගෙන් සිදුවිය යුතු වගකීමකි. ඔවුන් එම අපහසු වගකීම පසෙක තබා තවත් එක් පාඩමක් කියාදෙන ස්වරූපයෙන් විචාර න්‍යාය උගන්වන්නේ නම් එවන් හුදු කරුණු කියාදීමේ ප්‍රවේශය හරහා අපේක්ෂිත ප්‍රතිඵල ලඟාකරගත නොහැකි වේ. එවන් පරිසරයක් තුළින් නිදහස් චින්තනයකින් හෙබි උපාධිධාරීන් බිහිවීම අපේක්ෂා කළ නොහැකි ය.
මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා උපාධිධාරීන් තුළ තිබිය යුතු සුවිශේෂීම කුසලතාවය නම් නිදහස් චින්තනයේ යෙදීමට ඇති හැකියාවයි. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ කුසලතා වැනි මෘදු කුසලතා කිසිදු විටෙක එම නිදහස් චින්තන කුසලතාව වෙනුවට ලබා දිය හැකි හෝ ලබා දිය යුතු කුසලතා නොවන්නේ ය. එක් අතකින් ඔවුන් තුළ අනිවාර්ය වශයෙන් දියුණු විය යුතු නිදහස් චින්තනයේ යෙදීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවට එය මොට කරන ගණයේ ඉගැන්වුම් ක්‍රම භාවිතා කරන අතරම, අනෙක් අතින් මෘදු කුසලතා යැයි සැලකෙන කුසලතා ඔවුන් තුළ පැවතිය යුතු ප්‍රධානතම කුසලතා ලෙස සලකා ප්‍රවර්ධනය කිරීම හරහා සිදුවන්නේ මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා ක්ෂේත්රයන්ගෙන් බිහිවන උපාධිධාරීන් තවතවත් තුන්වන පන්තියේ උපාධිධාරීන් ලෙස ස්ථාවර වීම පමණි. එමගින් සිදුවන්නේ නිදහස් චින්තනයෙන් හෙබි පුද්ගලයන් වශයෙන් සමාජයට එක්වී, සුවිශේෂී සමාජ මැදිහත්වීමක් සිදු කිරීම සඳහා ඔවුන් වෙත ඓතිහාසිකව පැවරී ඇති වගකීම මෙන්ම අයිතියද අධ්‍යාපන ක්‍රමය විසින්ම අවුරා දැමීමයි, එමෙන්ම තම ක්ෂේත්රයටම ආවේණික එම කුසලතාවය භාවිතයෙන් අන් ක්ෂේත්රයන්හි උපාධිධාරීන් වෙතින් අපේක්ෂා කළ නොහැකි ගණයේ මැදිහත්වීමක් සිදුකිරීම හරහා ඔවුන් සමග කරටකර සිටින පිරිසක් බවට පත්වීමට මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා ක්ෂේත්රයන්හි උපාධිධාරීන්ට ඇති හැකියාව විනාශ කර දැමීමයි.
එසේනම් තමන්ටම සුවිශේෂී කුසලතාවන් හා දක්ෂතාවයන් ගොන්නක් අතැතිව මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා ක්ෂේත්රයට ඇතුළුවන ගාමක බලයෙන් හෙබි තරුණ තරුණියන් ප්රමාදී වර්ධිතයන්, නැතහොත් අඳබාලයින් බවට පත් නොකොට ඔවුන්ගේ දායකත්වය සමාජ ප්‍රගමණය වෙනුවෙන් ලබාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ මෘදු කුසලතා ඔවුන් මත බලෙන් පැටවීම නොව, ඔවුන්ගේ ක්ෂේත්රයටම සුවිශේෂී වූ චින්තන කුසලතා වැඩිදියුණු කිරීමට රුකුල් සැපයිය හැකි ආකාරයට ඉගෙනුම් ඉගැන්වුම් ක්‍රියාවලිය සැකසීමයි.